December 14, 2019

ගෝඨා …එයා දැන් ටිකක් විතර වෙනස් වෙලා..!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ ප්‍රථම මාධ්‍ය හමුව පසුගියදා පැවැත්වුණා. සමාජයටම උණු කැවුමක් බවට පත් කරමින් සිදු කෙරුන මෙම මාධ්‍ය සාකච්ඡාව අලලා සමාජ මාධ්‍ය ජාලයේ විවිධ නිර්මාණ හුවමාරු වන්නට පටන් ගත්තා . මෙහිදී බොහෝ දෙනා ප්‍රකාශ කළ කරුණක් වූයේ රටක ජනාධිපති ධුරයට තරග වදින පුද්ගලයාට නිසි ලෙස කතා කිරීමේ හැකියාව තිබිය යුතු බවයි. ඒ කාරණයේදී කාරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා යම්තාක් දුරකට පසුගාමී වන බවයි දේශපාලන නිරීක්ෂකයින් ප්‍රකාශ කලේ.

නමුත් යමෙකුට කතා කිරීමේ හැකියාව තිබූ පලියට ඔහු රටක නායකත්වයට සුදුසු යැයි අප කිසිදා නොකියමු.මන්ද උවමනාවටත් වඩා කතා කිරිමේ හැකියාව තිබූ එවුන් අප රටට කල වින්නැහිය අපද හොඳින්ම අත් දැක තිබෙන නිසාවෙනි.

කතා කිරීමේ දක්ෂයින්ට වඩා දැන් රටට අවශ්‍ය වැඩ කිරීමේ දක්ෂයින්‍ ය.අප මෙවර ජනාධිපතිවරණයේදී පරිස්සම් විය යුත්තේ එහෙයිනි.සමහර අපේක්ෂකයින්ට කතා කිරීමේ හැකියාව නොතිබුනා නම් හොඳ යැයි අපට වඩා ,ඔවුන්ගේ පාක්ෂිකයින්ටම සිතෙනවා ඇත.මන්ද කට ඇරපු පලියට කියන කතා නිසා ඔවුනට ඇතිවන දේට වඩා නැතිවන දේවල් වැඩිය.

නමුත් අප නම් සිතනා පරිද්දෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා කථිකත්වයේ සූරයෙක් නොවීමම ඔහුගේ මෙන්ම එම පක්ශයේ වාසනවාකි.නැතිනම් කටට එන ඕනෑම දෙයක් ගිරව් මෙන් කියවන්නට ඔහුද පුරිදු වෙනු ඇත.

ජනපති මෛත්‍රී ගීත ගායනා කලා සේ ඔහුද සබකෝලය බැහැර කොට හතර අතට වන්නට පටන් ගන්නට පුලුවන්.එම නිසා අප නම් කියන්නේ ඔහොම හොඳය කියාය..

ගෝඨා වෙනස් වෙන්නට පටන් ගෙන තිබේ.ටිකක් වෙනස්‍ ය..ඉතිරි ටික වෙනස් නොවී තිබෙනවානම් තවත් හොඳය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *