Contact Information
We Are Available 24/ 7. Call Now.

ඉදිරි මැතිවරණයේදී මාගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා මානප අංකය සඳහන් කාඩ් පත් මුද්‍රණය කරන්නේ ආක්‍රමණශීලි ශාඛ වලින් නිපදවනු ලබන කඩදාසි යොදාගෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ ප්‍රකාශ කර සිටිනවා.

මන්ත්‍රිවරයා ප්‍රකාශ කරන්නේ මෙම විශේෂ කඩදාසිය තුල තිබෙන එළවළු බිජ අන්තර්ගත වෙන බවත් ඒ හරහා තමන්ගේ ගෙවත්තේම එළවලු වගාවක් පවා ආරම්භ කිරීමට හැකි බවයි ඔහු කියා සිටියේ.

ආක්‍රමණශීලි ශාඛා වලින් රටේ පරිසරය ආරක්ෂා කර ගන්නවා සේම තමන්ගේ නිවසේ පරිභෝජනයට සුදුසු එළවලු තමන්ටම නිපදවා ගැනීමට හැකි මෙම විශේෂිත කඩදාසිය නිසා පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීමට හැකි වන බවයි ඔහු කියා සිටියේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *