Contact Information
We Are Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව එකිනෙකා කෙරෙහි ගෞරවයක් , සුහදත්වයක් නැති මහජනතාවගේ ගැටලු ගැන අවබෝධයක් නැති ස්ථානයක් බවට පත්ව ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

පාර්ලිමේන්තුව පවත්වන දිනකදී රුපියල් ලක්ෂ 92 ක් ද, නොපවත්වන දිනකදී රුපියල් ලක්ෂ 87 ක් ද වියදම් කරන බවට ඇමතිවරයා කියා සිටිනවා.

නමුත් දිනකට රුපියල් ලක්ෂ 92 ක් වියදම් කළත් එහි ප්‍රතිපල තවමත් ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර පසුගිය වසර 04 තුළ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් වාහන ගෙන්වා ගත් බවත් එය ජනතා මුදල් නාස්ති කිරීමක් බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

රට ගොඩ නැගීමට නම් සියලු දෙනා එක්විය යුතු බවත් තවත් වසර තුනක් ගතවන තුරු වාහන ගෙන්වීම අනවශ්‍ය බවද මෙහිදී ඇමතිවරයා සඳහන් කර සිටියා.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මෙම අදහස් පළ කළේ, හොරණ ශ්‍රීමේධංකර මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සිසුන් සඳහා ලාංජන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමිනි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *