Contact Information
We Are Available 24/ 7. Call Now.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් දැඩි ලෙස දොස් පවරා ඇතැයි ජනාධිතිවරයාට සමීප විශ්වාස කටයුතුදායක ආරංචි මාර්ග හරහා වාර්තා වනවා.

රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ වැඩ කටයුතු නිසි පරිදි සිදු කරන්නට ඉඩදී, තමාට අදාළ කටයුතු සිදුකරන සිටින ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශවය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත දැනුම් දී ඇත.

එමෙන්ම අදාළ රාජ්‍ය නිළධාරිණියට මින් පසුව බලපෑම් සිදු කළහොත් රාජ්‍ය අමාත්‍ය ධූරය පවා අහිමි වන තැනට වැඩ සිද්ද විය හැකි බවට ඔහුට අවවාද කර ඇති බව සඳහන්.

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම ස්වාධීන ආයතන බවට පත්කිරීමට තමා ගන්නා උත්සහය අතරතුර මෙවැනි සිදුවීම් නොවිය යුතු බව ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය වී ඇතැයි දැනැගන්නට ලැබේ.

මේ අතර මීගමුව කඩොලාන ආශ්‍රිත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, පෙනීසිටින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා.

අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රජය සෑම විටම රටේ නීතියට අනුව යම් රජයේ නිලධාරියෙක් වැඩ කටයුතු කරන්නේ නම් එම නිලධාරියා සමඟ සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *