Contact Information
We Are Available 24/ 7. Call Now.

තමන් දේශපාලනයට පිවිසීමට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවිරගේ පුත් උවිදු විජේවිර ප්‍රකාශ කර සිටිනවා.

කැලණිය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ, රටක පුරවැසියෙක් ලෙස රටට ඉටු කළ යුතු යුතුකමක් ඇති බවයි.

තමා රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බව පෞද්ගලිකව විශ්වාස කරන කරුණක් බවත් පැවසු ඔහු තමාට ජනතා විමුක්ති පෙරමුණේ අයිතියක් නොමැති බවද කියා සිටියා.

එහි අයිතිය ඇත්තේ දේශපාලනයේ නියුතු අයට වුවත් කිසිවෙකුට තමාට දේශපාලනය නොකරන්නැයි පැවසිය නොහැකි බවත් උවිදු විජේවීර කියා සිටියා.

එය තමාගේ තෝරා ගැනීම වන බවත් සඳහන් කර සිටි ඔහු රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ඕනෑම මොහොතක ඉදිරියට එන බවත් තමා මහා දැවැන්ත මාක්ස්වාදියෙක් ලෙස හඳුනන්නේ නැතැයි පවසා සිටියා.

තමන් සාම්ප්‍රදායික මාක්ස්වාදී දේශපාලනය තුල සිර නොවන බවත් මාක්ස්වාදී දේශපාලනය සහ නව ලොවට ගැලපෙන එකමුතුවකින් යුත් දේශපාලන ක්‍රමවේදයක් තුල ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ද කියා සිටියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *