Contact Information
We Are Available 24/ 7. Call Now.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහා සෝමාලියාව විසින් පියවිය යුතු හිඟ මුදල් නැවත පියවීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් රුපියල් මිලියන 163 ක මුදලක් ලබාදීමට එකඟවී ඇති බව වාර්තා වනවා.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් යෝජනාවක් අනුව ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි අපහසුතා බෙදා ගැනීමේ ක්‍රමවේදය අනුව විවිධ හේතුන් මත සාමාජිකයින් විසින් ගාස්තු නොගෙවීම නිසා අරමුදලට අහිමිවන ආදායම ප්‍රතිපුරණය කිරිම සඳහා මෙම ක්‍රියාවලිය සකස් කොට ඇත.

ඒ අනුව අරමුදලෙහි විධායක සභාව විසින් 2019 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද සෝමාලියාවේ හිඟ මුදල් පියවීමේ සහ ණය සහන පැකේජය සඳහා සාමාජික රටවල අභ්‍යන්තර සම්පත් සම්පුර්ණ වශයෙන් හෝ කොටසක දායකත්වයක් දක්වන මෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම සඳහා මහ බැංකුව සහ විදේශ සබදතා අමාත්‍යාංශය විසින් එකඟතාවය පළ කොට ඇත.

ඒ අනුව රුපියල් මිලියන 163 කට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ සමස්ත දායකත්වය ලෙස සෝමාලියාවේ පාලිත ගිණුම වෙත මාරු කිරිමට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ වසරේදී ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති ණය වෙනුවෙන් ඩොලර් බිලියන 05ක ණය වාරිකයක් විදෙස් රටවල් සඳහා ගෙවිය යුතුව ඇත.

එමෙන්ම ඉකුත් ඉන්දීය සංචාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා නරේන්ද්‍ර මෝදී අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටියේ ලංකාවට ලබාදී ඇති ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය වසර තුනකට නතර කරන ලෙසයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *