Contact Information
We Are Available 24/ 7. Call Now.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇන්ටාර්ටිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවා ඇති බව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටිනවා.

අන්ටාර්ටිකාවේ ගවේෂණයක නිරත බ්‍රසීල විද්‍යාඥයෙක් වන Carlos Schaefer ප්‍රකාශ කර සිටියේ ඉකුත් පෙබරවාරි මස 09 වෙනිදා පළමු වරට උෂ්ණත්ව මාපකයේ සෙල්සියස් අංශක 20.57ක් ලෙස උෂ්ණත්ව අගයක් සටහන් වූ බවයි.

එමෙන්ම ඊට පෙර සතියේද ඇන්ටාර්ටිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.3ක අගයක් ලෙස සනිටුහන් වූ බවට ඔහු විසින් දැනුම් දී තිබෙනවා.

මෙම උෂ්ණත්ව ඉහල යාම අන්ටාර්ටිකාවේ Seymour දුපතේ පිහිටා ඇති උෂ්ණත්ව මාපකයේ සනිටුහන්ව ඇත.

එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංගමයට අනුව ඇන්ටාක්‌ටික මහද්ධිවිපයේ උෂ්ණත්වය ඉකුත් වසර 50 තුලදී සෙල්සියස් අංශක 03කින් පමණ ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කර සිටියා.

මේ හේතුවෙන් ගතවූ වසර 12 තුලදී එම මහද්ධිවිපයේ ඇති ග්ලැසියර් දියවීම සිඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.

ඉකුත් ජනවාරි මාසය ඇන්ටාක්‌ටිකාවේ වාර්තා වූ උෂ්ණතම මාසය වුවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *